Header

Sri Lanka Army

Defender of the Nation

02nd January 2024 22:28:36 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යේෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන පළඳවයි

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යේෂ්ඨ නිලධාරින් 05 දෙනෙකු වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සුරතින් පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 02) දින සංකේතාත්මකව නිල ලාංඡන පැළඳවීය.

උසස්වීම් ලැබූ ශ්‍රී ලංකා සංඥා බලකායට අයත් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක‍ මේජර් ජෙනරල් ඒ.පී වික්‍රමසේකර යූඑස්පී පීඑස්සී, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් අධ්‍යක්‍ෂ ජෙනරාල් ගමන් පාලන මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, යුද්ධ හමුදා පොදු සේවා බලකායට අයත් අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය සහ මුදල් පරිපාලන මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ අබේසිංහ, ගැමුණු හේවා බලකායට අයත් ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් සී.ඒ රාජපක්‍ෂ ආර්එස්පී සහ ගැමුණු හේවා බලකායට අයත් පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවූහ.

ජාතිය වෙනුවෙන් දශක තුනකට අධික කාලයක් සිදුකරනු ලැබූ කැපකිරීම වෙනුවෙන් නිල උසස් වීම් ලැබූ මෙම ජ්‍යේෂ්ඨ නිළධාරීන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එහිදී සිය සුබ පැතුම් පිරිනමන ලදී.

සුහද පිළිසඳරකින් පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උසස්වීම් ලැබූ ජ්‍යේෂ්ඨ නිලධාරින් වෙත නිල ලාංඡන පැළඳවීමෙන් අනතුරුව මේජර් ජෙනරල් නිලයේ අසිපත පිරිනමනු ලැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සමගින් එම ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඡායාරූප කිහිපයකටද පෙනී සිටියහ.