Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2023 20:50:55 Hours

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

රාජතාන්ත්‍රික රාජකාරීන් වලින් අනතුරුව ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් අතිගරු මේජර් ජෙනරල් (ආර්) උමාර් ෆාරූඩ් බුර්කි, එච්අයි (එම්) (Major General (R) Umar Farooq Burki, HI (M), පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

පැවති සුහද හමුවේදී, කලාපයේ දෙපාර්ශවයට වැදගත්වන කරුණු සහ දිනෙන් දින වර්ධනය වන දෙරටෙහි ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.

සුහද හමුවේදී, ධූරයෙන් නික්ම යන පාකිස්තාන මහ කොමසාරිස්තුමන් ශ්‍රී ලංකාව තුළ සේවයේ නියුතු කළසීමාව තුළදී ලබාදුන් සහයෝගය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාව පුදකළ අතර, මෙරට යුද්ධ හමුදාවේ ඉදිරි කටයුතු සඳහාද සිය සුබ පැතුම් එක් කළේය.

මෙම සුහද හමුව අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් ඉන්දීය ආරක්‍ෂක උපදේශකතුමන්ගේ ධූර කාලය තුළ ලබාදුන් සහයෝගය අගය කරමින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් (Colonel Muhammad Farooq ) සහභාගී විය.