Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2023 19:37:12 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකරගේ ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් යු.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පසුගිය බදාදා (දෙසැම්බර් මස 27) දින හමුවූහ.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යේෂ්ඨ නිලධාරී සමඟින් සුහදව අදහස් හුවමාරු කරගනිමින් මානූෂීය මෙහෙයුම් කාලවකවානුව තුළ දියත්කරනු ලැබු මෙහෙයුම් සඳහා එතුමන් දක්වනු ලැබු දායකත්වය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් මතකාවර්ජනයක නිරත වූ අතර විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අනාගත අපේක්ෂාවන් වෙනුවෙන් සිය සුබපැතුම් ද පිරිනැමුවේය. විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් යු.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරිතුමන්ගේ භාර්යාව සහ දියණිය සමඟින් සුහද පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව රාජකාරි ඉටුකළ සමයේ ඔවුන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකළේය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් යු.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මගපෙන්වීම පිළිබඳවත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය. මෙම සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් යු.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කළේය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යේෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1988 ජුලි මස 26 දින යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුණු මේජර් ජෙනරල් යු.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 30 සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1990 ජූනි මස 09 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් පාබල හමුදා රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි. ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් වර්ෂ 2021 මැයි මස 07 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ සේනාවිධායක ලෙස තනතුරු හොබවා ඇත. එතුමන් 7 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඛණ්ඩ භාර නිලධාරි සහ නිලධාරි අණදෙන, පාබල පුහුණු මධ්‍යස්ථානයේ උපදේශක නිලධාරී, 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරී අණදෙන, 231 සහ 522 පාබල බලසේනාවන්හි බලසේනා මේජර්, හයිටි රාජ්‍යෙය් එක්සත් ජාතීන්ගේ ස්ථායීකරණ මෙහෙයුම් මුලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ නිලධාරී අණදෙන, ක්‍රියාත්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (සාම සාධක), 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී, යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි උත්සව පාළන බළඇණියේ කාර්ය නියුක්ත අණදෙන නිලධාරි, 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි I, යුද්ධ හමුදා පුහුණු විධානයේ වැඩ බලන කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, ක්‍රියාත්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි , 593 පාබල බළසේනාවේ වැඩ බළණ බළසේනාධිපති, යුද සේවා ලේකම් ශාඛාවේ සහකාර හමුදා ලේකම් II සහ III, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක, 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති, ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව්, නැගෙනහිර සහ බටහිර වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

රණබිමේ දැක්වූ දක්‍ෂතා වෙනුවෙන් එතුමන් ‘රණ වික්‍රම පදක්කම‘ සහ රණ සූර පදක්කමෙන්’ පිදුම් ලබා ඇත.

මේජර් ජෙනරල් යු.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී කණ්ඩභාර නිලධාරීන්ගේ උපක්‍රමික පාඨමාලාව, කණ්ඩ භාර නිලධාරීගේ යුද නායකත්ව පාඨමාලාව, ඒකක පරිපාලන පාඨමාලාව,බළඇණි ආධාරක අවි නිලධාරී පාඨමාලාව, අණ හා මාණ්ඩලික පාඨමාලාව, ආරක්‍ෂාව සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ ආරක්‍ෂක පාඨමාලාව, නායකත්වය සහ කණ්ඩායම් ගොඩනැගීම‍ෙපාඨමාලාව, තරුණ නිලධාරින්ගේ පාබල හමුදා පාඨමාලාව - පාකිස්තානය, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, මූලික පැරෂුට් පාඨමාලාව - ඉන්දියාව, ජ්‍යේෂ්ඨ අණ දෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ජාතික සන්නද්ධ හමුදා අණ සහ මාණ්ඩලික විද්‍යාල පාඨමාලාව - ඉන්දුනීසියාව, රාජකීය විද්‍යාල ආරක්‍ෂක අධ්‍යයන පාඨමාලාව - එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රේරක පුහුණු පාඨමාලාව – හයිටි වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

මේජර් ජෙනරල් යු.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්, කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ඉන්දියාවේ ‘Devi Ahilya‘ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ ආරක්ෂක කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ ජාත්‍යන්තර ආරක්ෂාව සහ උපාය මාර්ග පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, එක්සත් රාජධානිය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය වැනි උසස් අධ්‍යයන පාඨමාලාවන් ද හදාරා ඇත.