Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2023 19:48:15 Hours

අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඊ.ඒ.ඩී.කේ එදිරිසිංහ වෙත යුද්ධ හමුදාධිපතිතුමන් අවසන් ගෞරව දක්වයි.

අභාවප්‍රාප්ත ඉංජිනේරු සේවා බළකායේ බ්‍රිගේඩියර් ඊ.ඒ.ඩී.කේ එදිරිසිංහ ගේ දේහයට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා ( දෙසැම්බර් මස 26 ) දින අතුරුගිරිය, අන්නාසිවත්ත, ඉද්දමල්වත්ත පාර, අංක 974/80/C නිවසේදී සිය අවසන් ගෞරව දැක්වීය.

බ්‍රිගේඩියර් ඊ.ඒ.ඩී.කේ එදිරිසිංහ පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 24 ) දින යුද හමුදා රෝහලේදී අභාවප්‍රාප්ත වූ අතර ඒ වනවිට එතුමන් අවුරුදු 52වැනි වියේ පසු විය.

මෙම ජ්‍යේෂ්ඨ නිලධාරියාගේ අකල් වියෝව පිළිබඳව එතුමන්ගේ බිරිඳ සහ පවුලේ ඥාතීන් වෙත යුද්ධ හමුදාධිපති තුමන් සිය ශෝකය පළ කළ අතර, බ්‍රිගේඩියර් ඊ.ඒ.ඩී.කේ එදිරිසිංහ ජ්‍යේෂ්ඨ නිලධාරීතුමන් යුද්ධ හමුදාව වෙනුවෙන් කළ කැපවීම සහ ඔහු තම රාජකාරිය උපරිමයෙන් ඉටු කළ ආකාරය ද යුද හමුදාපතිවරයා සිහිපත් කළේය.

බ්‍රිගේඩියර් ඊ.ඒ.ඩී.කේ එදිරිසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව බදාදා (දෙසැම්බර් මස 27) දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.