Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2023 18:04:35 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ඉන්දීය නියෝජ්‍ය නාවික මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ඉන්දියාවේ සිදුකරනු ලබන නිල සංචාරය අතරතුර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය සඳුදා (දෙසැම්බර් මස 04) දින ඉන්දීය, නියෝජ්‍ය නාවික මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් සංජේ ජස්ජිත් සිං ඒවීඑස්එම් එන්එම් (Vice Admiral Sanjay Jasjit Singh AVSM NM) හමුවිය.

සුහද හමුවේදී ද්විපාර්ශවීය වශයෙන් ඉන්දියන් සාගර කලාපයේ ආරක්‍ෂාව, සාමය පවත්වා ගැනීම හා තර්ජන මැඩපැවැත්වීම සහ කලාපයේ සමකාලීන ගැටළු පිළිබඳව අදහස් හුවමාරු කරගන්නා ලදී. මෙම සුහද හමුව සමාප්තියේදී සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

මෙම සුහද හමුව සඳහා යුද සේවා ලේකම් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහ සමූහ ආරක්‍ෂක සම්බන්ධීකරණ සහ පුද්ගලික ආරක්‍ෂක නිලධාරී බ්‍රිගේඩියර් බී.එම්.ඒ. බාලසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගී වූහ.

ඉන්දීය හමුදා ප්‍රධානී විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත කරන ලද ආරාධනයකට අනුව පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 03) දින එතුමන් ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගියේය.