Header

Sri Lanka Army

Defender of the Nation

21st November 2023 17:17:41 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයෙහි පුහුණුව ලබමින් සිටින කෙඩෙට් නිලධාරින් කණ්ඩායමක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයෙහි පුහුණුව ලබමින් සිටින සෙනගාල් ජාතික කෙඩෙට් නිලධාරියෙකු ඇතුළුව බඳවා ගැනීමේ පාඨමාලා 92, 92 (බී) සහ කෙටි කාලීන පාඨමාලා අංක 20 යන පාඨමාලාවන්හි කෙඩෙට් නිලධාරින් කණ්ඩායමක් පසුගිය සඳුදා (නොවැම්බර් මස 20) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවූහ.

අධිකාරියට පත් වීමට නියමිත කෙඩෙට් නිලධාරීන් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අවසන් පැවරුම් අභ්‍යාසයක් වශයෙන්, ‘Enhancing United Nation Peacekeeping Capabilities of the Sri Lanka Army’ යන තේමාව යටතේ යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් මෙම හමුව පවත්වන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී කෙඩෙට් නිලධාරීන් පිරිස වෙත, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා වැඩි වශයෙන් මෙරට හමුදාව සහභාගී කරවීම සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා කාන්තා සහභාගීත්වය පිළිබඳවද අදහස් දැක්වීය.

නුදුරේදී විසිර යාමට සිටින මෙම පිරිස වෙත දැක්වූ දායකත්වය වෙනුවෙන් එම කෙඩෙට් නිලධාරීන් පිරිස යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතවේදීත්වය පළ කළහ.

හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කෙඩෙට් නිලධාරීන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සුබ පතමින් ඔවුන් වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, එහි ප්‍රධාන උපදේශක කර්නල් එල්.පී අතුකෝරල ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ ජ්‍යෙෂ්ඨ උපදේශක මේජර් එන්.එස්.පී ද සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඇතුළු පාඨමාලා භාර නිලධාරීන් කිහිප දෙනෙකුද එක්ව සිටියහ.