Header

Sri Lanka Army

Defender of the Nation

20th November 2023 20:06:17 Hours

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පැවති ආගමික වැඩසටහනකට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වැඩමවා වදාළ භික්ෂූනීන් වහන්සේලා 5000 ක් වෙත ‘පිරිකර’ සහ දානය පිරිනැමීම වෙනුවෙන් බොල්ලෑගල, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 18) දින පැවැත්වූ ආගමික උත්සවයට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ (NIIBS) උපකුලපති සහ තායිවානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නායක හිමියන් විසින් සිදුකරනු ලැබූ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

උත්සවයේ කටයුතු ආරම්භ කිරීමට පෙර ආචාර්ය බෝදාගම චන්දිම නායක ස්වාමීන් වහන්සේ සහ උඩුවේ ධම්මාලෝක හිමියන් එම පරිශ්‍රයේ නේවාසික ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා නවතමයෙන් ඉදිකරන ලද සිව්මහල් නවාතැන් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සව අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කළ අතර, අනතුරුව එතුමන් සංකේතාත්මක පීත්ත පටිය කපා ගොඩනැගිල්ල විවෘත කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා 7 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම යොදාගනිමින් නව සිව්මහල් ගොඩනැගිල්ල ඉදිකරන ලදී.

එම අවස්ථාවට දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් වැඩමවා එම භික්ෂූණීන් වහන්සේලා වෙත දානය පිරිනමා ‘පිරිකර’ පූජා කිරීමට යුද්ධ හමුදාධිපතිතුමන්ද එක් විය.