Header

Sri Lanka Army

Defender of the Nation

17th November 2023 10:45:19 Hours

අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඒ.ජී.එස්.එම්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පි ගේ දේහයට යුද්ධ හමුදාධිපතිතුමන් අවසන් ගෞරව දක්වයි

කුඩාඔය කමාන්ඩෝ පුහුණු පාසලේ සේවයේ නිරතව සිටියදී අභාවප්‍රාප්ත වූ ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් ඒ.ජී.එස්.එම්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පි ගේ දේහයට බ්‍රහස්පතින්දා (16) දින මධ්‍යහනයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සිය අවසන් ගෞරව දැක්වීය.

යුද්ධ හමුදාධිපතිතුමන් අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ භාර්යාව, දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ සාමාජිකයන් වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කළේය. එහිදී, අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඒ.ජී.එස්.එම්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පි වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම පැවති මානුෂීය මෙහෙයුමේදී මවුබිම ආරක්‍ෂා කිරීම වෙනුවෙන් සිදුකළ කැපවීම පිළිබඳව ද සිහිපත් කරනු ලැබීය.

අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඒ.ජී.එස්.එම්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පි ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිකුරාදා (නොවැම්බර් මස 17) දින බොරැල්ල පොදු සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකිරීමට නියමිතව ඇත.

බ්‍රිගේඩියර් ඒ.ජී.එස්.එම්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පි ජීවිතක්‍ෂයට පත්වන විට 53 වන වියේ පසුවිය.