Header

Sri Lanka Army

Defender of the Nation

28th October 2023 21:15:23 Hours

දිවංගත ජෙනරල් එල්.පී. බලගල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී අයිජී (විශ්‍රාමික) ගේ අවසන් කටයුතු හමුදා ගෞරවාචාරය මධ්‍යයේ සිදුකෙරේ

අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 16 වන යුද්ධ හමුදාධිපති ජෙනරල් එල්.පී. බලගල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී අයිජී ගේ දේහය සෙනසුරාදා (28) දින සන්ධ්‍යාවේ බෞද්ධාලෝක මාවත ඔස්සේ බොරැල්ල පොදු සුසාන භූමිය වෙත අවසන් කටයුතු සඳහා අවමංග්‍යය පෙරහැරකින් රැගෙන එනු ලැබූ අතර එහිදී එතුමන්ගේ දේහයට යුද්ධ හමුදා ගෞරවාචාරයන් පුදකරනු ලැබීය. එම ශෝකාකූල අවස්ථාව සඳහා ශෝකයට පත්වූවන්, දිවංගත ජෙනරල් එල්.පී. බලගල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී අයිජී ගේ ළඟම ඥාතීන්, හමුදා ප්‍රවීණයන්, හිටපු හමුදාධිපතිවරුන්, ආරක්‍ෂක ලේකම්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයු, එතුමන්ගේ සමකාලීන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේවයේ නියුතු සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් සහභාගී වූහ.

අවමංගල්‍ය පෙරහැර සුසාන භූමියේ ප්‍රධාන දොරටුව වෙත පැමිණීමෙන් අනතුරුව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද දිවංගත ජෙනරල් එල්.පී. බලගල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී අයිජී (විශ්‍රාමික) ගේ මෘත දේහය හමුදා සම්ප්‍රදායානුකූලව කාතුගැල (Gun Carriage) මත තැන්පත් කර භටපිරිස් විසින් අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන යන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I (Special Part I Order) අවමංගල්‍ය සභාව ඉදිරියේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, හමුදා නිලධාරීයෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වෙඩි මුර ගුවනට මුසු කරමින් දිවංගත ජෙනරල් එල්.පී. බලගල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී අයිජී (විශ්‍රාමික) වෙත හමුදා සම්ප්‍රදායානූකූල අවසන් ගෞරවාචාර පුදකරනු ලැබූහ. පසුව, හිරු නැගෙනා මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ මෙම අවස්ථාවේදි වාදනය කරමින් අභාවප්‍රාප්ත ජෙනරල් එල්.පී. බලගල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී අයිජී (විශ්‍රාමික) ගේ අවසන් ගමන සංවේදජනක ලෙස සිහිපත් කරන ලදි. යුද්ධ හමුදාවටත් රටටත් සිදුකළ අනුපමේය සේවය ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත වෙඩි මුරයන්හි ගෞරවාචාරය ද පුදකරනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයු විසින් හමුදා සම්ප්‍රදානුකූලව දිංවගත ජෙනරල් එල්.පී. බලගල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී අයිජී (විශ්‍රාමික) සිය හමුදා දිවිය තුළ ලබාගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී.

වසර 39 කට අධික සේවා කාලයක් සපුරා ඇති දිංවගත ජෙනරල් එල්.පී. බලගල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී අයිජී (විශ්‍රාමික) 2000 සිට 2004 වර්ෂය දක්වා යුද්ධ හමුදාධිපති ධූරය හොබවන සමයේදී ඉහළම වෘත්තීයභාවයක් මෙන්ම උපරිම කැපවීමකින් යුතුව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විය. මව්බිම දෙකඩ කිරීමට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේ තීරණාත්මක අවධියේදී යුද්ධ හමුදාධිපති ධූරයේ මෙන්ම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරය ද හොබවමින් එතුමන් මව්බිම එක්සේසත් කිරීමේ කාර්යභාරය වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙනු ලැබීය.

දිවංගත ජෙනරල් එල්.පී. බලගල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී අයිජී (විශ්‍රාමික) වෙනුවෙන් නිකුත් කරනු ලැබූ විශේෂ නියෝග I (Special Part I Order) පහතින් දැක්වේ;