Header

Sri Lanka Army

Defender of the Nation

06th October 2023 23:28:09 Hours

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනිය යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියොන් ලී මහත්මිය (Ms Miyon LEE) සිකුරාදා (06) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟ සුහඳ සාකච්ඡාවක නිරතවිය.

පැවති සුහඳ හමුවේදී තානාපතිතුමිය, මෙරට යුද්ධ හමුදාව විසින් ඉටුකරනු ලබන ජාතික මෙහෙවර පිළිබඳව සිය ප්‍රසාදය පළ කළාය.

දෙරට අතර පවතින දිගුකාලීන සබඳතාවය සහ එම සබඳතාවයන් තවදුරටත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය ද එම හමුවේදී සාකඡ්චා කළේය.

සුහද හමුව අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් සහ සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිතුමිය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ කොරියානු ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතන් චෝයි යන්ග්සිඔක් (Captain Choi Youngseok) සහභාගී වූහ.