Header

Sri Lanka Army

Defender of the Nation

07th September 2023 15:59:02 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ වෙසෙන සිවිල් වැසියන්ට නිවාස 65 ක් ඉදිකර දෙයි

නිවාස අවශ්‍යතා සහිත සිවිල් වැසියන් සඳහා නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතීන් අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නව නිවාස ඉදිකර දීමේ සමාජ සත්කාරක වැඩසටහන ප්‍රමුඛ ස්ථානයක් ගනී. එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලොව පුරා සිටින පරිත්‍යාගශීලීන්ගේ සහ දානපතියන්ගේ සහයෝගය ඇතිව, මෙම කටයුතු සිදුකරමින් නිවාස නොමැති බොහෝ පිරිසකට නිවාස ලබාදීමට පියවර ගෙන ඇත.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර රාජකාරි හෙබවූ ආඥාපතිවරුන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් පසුගිය වසර කිහිපය තුළ මෙම නිවාස ඉදිකර දීමේ කටයුතු ක්‍රමවත්ව සිදුකරන ලදී. එහිදී, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී මහතුන්ගේ සහාය ඇතිව නිවාස අවශ්‍යතා ඇති පවුල් හඳුනාගෙන ඔවුන් සඳහා නව නිවාස 65ක් ඉදිකර දීමට කටයුතු කර ඇත. මෙම නිවාස ඉදිකිරීම සඳහා කිසිදු රාජ්‍ය මුදල් ප්‍රධානයන් ලබාගෙන නොමැති අතර, යුද්ධ හමුදාව කෙරෙහි ඇති විශ්වාසවන්තභාවය සහ භටපිරිස්වල තාක්‍ෂණික හැකියාව හේතුවෙන් දේශීය හා විදේශිය පරිත්‍යාගශීලීන්, රාජ්‍ය නොවන සංවිධාන, සමාජ සුබසාධන ආයතන සහ ප්‍රාදේශීය ප්‍රජා කණ්ඩායම් විසින් මූල්‍යමය සහ සම්පත් දායකත්වය ලබාදී ඇත.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් කොළඹ, ගම්පහ, කුරුණෑගල, පුත්තලම, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක නවය ආවරණය වන පරිදි එම පලාත්වල සාමය සහ ආරක්‍ෂාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරනු ලබන අතර, 2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු එම දිස්ත්‍රික්කයන්හී නිවාස නොමැති පවුල් සඳහා නිවාස ඉදිකර දීමේ කටයුතු සඳහාද ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇත.

යුද්ධ හමුදාව තම ප්‍රාථමික රාජකාරිවලින් ඔබ්බට ගොස් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මූලිකත්වයෙන් 2009 වසරේ සිට නිවාස අවශ්‍යතා සහිත සිවිල් වැසියන් සඳහා නව නිවාස ඉදිකරදී ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරදීම යුද්ධ හමුදාවේ ඒකායන බලාපොරොත්තුව වේ.