Header

Sri Lanka Army

Defender of the Nation

06th September 2023 18:05:31 Hours

නන්දිකඩාල් බලඇණි පුහුණු පාසල් පරිශ්‍රය ජාතික ශිෂ්‍යභට බලකාය වෙත පවරාදෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙතින් පසුගිය සඳුදා (සැප්තැම්බර් මස 4) දින පැවති උත්සවයකදී ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ නන්දිකඩාල් ප්‍රදේශයේ ස්ථාපිත බලඇණි පුහුණු පාසල මුලතිව් ප්‍රදේශයේ ස්ථාපිත ජාතික ශිෂ්‍යභට බලකාය වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් පරිශ්‍රයේ පැවති මෙම උත්සවයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් ඒ හා සබැඳි ලිපි ලේඛන නිල වශයෙන් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත පිරිනමනු ලැබීය.

මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන්, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව භටපිරිස් ආමන්ත්‍රණය කළ අමාත්‍යතුමන් අනාගතයේදී රටේ යහපත වෙනුවෙන් ජාතික ශිෂ්‍යභට බලකායේ කාර්යභාරය පිළිබඳ පැහැදිලි කළේය. ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් එක්ව නන්දිකඩාල් ප්‍රදේශයේ ස්ථාපිත බලඇණි පුහුණු පාසල වෙත ගොස් එහිදී නන්දිකඩාල් බලඇණි පුහුණු පාසලට අදාළ ලිපි ලේඛන ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත භාරදුන් අතර ඒ සමඟම එම ලිපි ලේඛන අමාත්‍යතුමන්ගේ සුරතින් ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂතුමන් වෙත පිළිගැන්වීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.