Header

Sri Lanka Army

Defender of the Nation

26th August 2023 09:32:09 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් පාසල් කරාටේ ශූරයින් දිරිගන්වයි

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පසුගිය සිකුරාදා (අගෝස්තු 25) උදෑසන සංචාරයක නිරත වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ අලවකුඹුර මධ්‍ය මහා විද්‍යාලයේ ජූනි මස පැවැති සමස්ත ලංකා ‘කාතා’ කරාටේ ශූරතාවලියේදී රන් පදක්කම් 12ක් සහ රිදී පදක්කම් 19ක් දිනා ගනිමින් දස්කම් දැක්වූ සිසුන් 31 දෙනෙකු හමුවී ඔවුන් දිරිමත් කරමින් ක්‍රීඩා උපකරණ සහ මුල්‍යමය පරිත්‍යගක් සිදු කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම ජයග්‍රහකයින් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල වෙත කැඳවා රුපියල් මිලියනයකට අධික වටිනා ක්‍රීඩා උපකරණ තොගයක් ප්‍රදානය කළේය. තවද විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල දරුවන් සිටින මෙම පාසලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමේ අරමුණින් එම පාසලට රුපියල් 100,000/= ක මුදල් පරිත්‍යාගයක්ද සිදුකරනු ලැබීය.

මෙම ග්‍රාමීය පාසලේ දරුවන් සඳහා වසරේ මුල් භාගයේ පැවැති සමස්ත ලංකා ‘කතා’ කරාටේ ශූරතාවලියට සහභාගි වීමට කොළඹට පැමිණීමේ වියදම් දෙමාපියන්ට දරා ගැනීමට නොහැකිව ඒ පිළිබඳ ශූරතාවලියට දින දෙකකට පෙර යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කිරීමෙන් පසු යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා බස් රථයකින් ඔවුන් සඳහා කොළඹට පැමිණීමට පහසුකම් සලසාදෙන ලදී.

මෙම විදුහලේ කරාටේ යොවුන් ක්‍රීඩිකයින් අනාගතයේදී දක්‍ෂ ක්‍රීඩකයින් ලෙස මෙරටට කීර්තියක් අත්කර දීමේ බලාපොරොත්තු දල්වා ගනිමින් රන් පදක්කම් 12 ක් සහ රිදී පදක්කම් 19 ක් හිමිකර ගනිමින් ජයග්‍රාහකයන් බවට පත්වූහ. එහිදි යුද්ධ හමුදාධිපති තුමන් එම සිසුන් සමඟ පිළිසඳරක නිරතවෙමින් ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපනයට සහ මලල ක්‍රීඩාවලට සුබ පැතුම් එක් කළේය.