Header

Sri Lanka Army

Defender of the Nation

17th August 2023 20:37:35 Hours

66 පාබල සේනාංකයේ සේවයෙන් නියුතු සිවිල් සේවක මහතුන් ගේ සේවය ඇගයීමට ලක්කරමින් ත්‍යාග පාර්සල් බෙදාදෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ පුනරීන් ප්‍රදේශයේ ස්ථාපිත 66 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීයූ උපදෙස් මත අගෝස්තු මස 16 දින එම මූලස්ථානයේ සේවයේ නියුතු සිවිල් සේවකයින්ට ත්‍යාග පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

66 පාබල සේනාංකයේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් එම සේනාංකය වෙනුවෙන් සිදුකරන ලබන සේවය ඇගයීමට ලක්කරමින් සිවිල් සේවක මහතුන් 14 දෙනෙකු වෙත වියළි ආහාර සලාක සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළුව ත්‍යාග පාර්සල් බෙදාදෙන ලදී.