Header

Sri Lanka Army

Defender of the Nation

14th August 2023 19:04:01 Hours

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (අගෝස්තු මස 11) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිරදී පැවැත්විණි. ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, සංකේතාත්මකව ධූරයේ රාජකාරි කටයුතු භාරදීමෙන් අනතුරුව සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනීසිටියේය.

භටපිරිස් ආමන්ත්‍රණය කළ නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, සිය ධූරයේ රාජකාරි කටයුතු සිදුකිරීම සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් සියලුම නිලයන් වෙත සිය කෘතඥතාව පුදකළේය. අනතුරුව එතුමන් වෙත 22 සහ 24 පාබල සේනාංකයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඇගයීමේ සංකේතයක් ලෙස සමරු තිළිණයන් ප්‍රදානය කළේය.

නික්ම යන මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නිලධාරී නිවස්නයේදී එම බලප්‍රදේශය යටතේ ස්ථාපිත පාබල සේනාංකයන්, බලසේනාවන් සහ ඒකකයන්හි රාජකාරියෙහි නියුතු නිලධාරීන් සමඟ හමුදා චාරිත්‍රානුකූල සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහාද සහභාගී විය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් නික්ම යාමට ප්‍රථම එතුමන් පූනානි, 23 පාබල සේනාංකයේ භටපිරිස් හමු වී ඔවුන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගත් අතර, එහිදී සිය ධූරයේ රාජකාරි කටයුතු සිදුකිරීම සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් සියලුම නිලයන් වෙත සිය කෘතඥතාවයද පුදකළේය.