Header

Sri Lanka Army

Defender of the Nation

12th August 2023 17:45:32 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, 56 පාබල සේනාංකයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය බදාදා (අගෝස්තු මස 09) දින වවුනියාව, කොක්එළිය ප්‍රදේශයේ පිහිටි 56 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.

සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ භටපිරිස් ආමන්ත්‍රණය කර කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කිරීමෙන් අනතුරුව සේනාංකාධිපතිතුමන් විසින් එම සේනාංකයේ කාර්යභාරය පිළිබඳ ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් දැනුවත් කළේය.

සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ එතුමන් භටපිරිස් සමඟ සුහද අදහස් හුවමාරුවක ද නිරත විය. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.