Header

Sri Lanka Army

Defender of the Nation

12th August 2023 18:10:41 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි අනුරාධපුර පුදබිම් වෙත ගොස් ආශිර්වාද ලබාගනි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි නව ආඥාපති ලෙස පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය සිකුරාදා (ජූලි මස 28) දින අනුරාධපුර ප්‍රදේශයේ පූජනීය ස්ථාන වෙත ගොස් ආශිර්වාද ලබාගත්තේය.

මෙම සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ජය ශ්‍රී මහා බෝධිය වෙත ගොස් ආශිර්වාද ලබාගත් අතර එම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සමඟ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පි යූඑස්පි එන්ඩීයූ පීඑස්සී සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූහ.

අටමස්ථානාධිපති සහ නුවරකලාවිය ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් බැහැදැක උන්වහන්සේ වෙත පිරිකර පූජාකර ආශිර්වාද ලබාගැනීම ද එහිදී සිදුකෙරිණි.

මෙම සංචාරයෙන් අනතුරුව එතුමන් රුවන්වැලි මහා සෑය, ථූපාරාමය, ලංකාරාමය, අභයගිරිය, ඉසුරුමුණිය, ජයන්ති විහාරය, මිරිසවැටිය සහ මිහින්තලය පුදබිම් වෙත ගොස් එම විහාරස්ථානයන්හි විහාරාධිපති හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනිමට ද කටයුතු කරනු ලැබීය.

මෙම සංචාරයන් සඳහා 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.