Header

Sri Lanka Army

Defender of the Nation

12th August 2023 17:57:46 Hours

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලියේ ජය ගජබා රෙජිමේන්තුවට

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලිය පසුගිය බදාදා (09) දින මත්තේගොඩ ශ්‍රී ලංකා ඉංනේරු බලකා ස්කොෂ් පිටියේදී පැවැත්විණි. එහිදී, දින දහයක් පුරාවට රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් තරඟ ඉසව් 11 ක් යටතේ ක්‍රීඩකයින් තරඟවැදිණි.

තරඟාවලිය සමාප්තියේ මළල ක්‍රීඩා ඉසව් තුලින් සංදර්ශනයක් ද පැවැත්විණි. අවසන් මහා තරඟය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් සහභාගී වූ අතර එම තරඟයේදී ක්‍රීඩකයින් සිය උපරිම දක්‍ෂතා පිළිබිඹූ කරමින් තරඟවැදිණි.

අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්කොෂ් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයු පීඑස්සි සහභාගී විය.

තියුණු තරඟයකින් අනතුරුව තරගාවලියේ පිරිමි විවෘත කණ්ඩායම් ශූරතාවය ගජබා රෙජිමේන්තුව දිනාගත් අතර අනුශූරතාවය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා ක්‍රීඩකයින් විසින් හිමිකරගත්හ. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා ක්‍රීඩකයින් තෙවන ස්ථානය දිනාගැනීමට සමත්වූහ.

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පි පීඑස්සි, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.පී.කේ. මදුරප්පෙරුම ආර්එස්පි යූඑස්පි පීඑස්සි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්කොෂ් කමිටුවේ උප සභාපති බ්‍රිගේඩියර් කේ.එම්.එන්. කුලසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පීඑස්සි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්කොෂ් කමිටුවේ ලේකම් කර්නල් බී.ඒ.එම්.පී. බාලසූරිය ආර්එස්පි, ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ සභාපති කපිතන් නාමල් විජේසුන්දර (විශ්‍රාමික) සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගි වුහ.

තරඟාවලියේ ඒකල සහ ද්විත්ව වශයෙන් දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් පහතින් දැක්වේ:

පිරිමි ආධුනික කාණ්ඩය

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබල එස්.එම්.ඩී.එල්. සුරවීර

ප්‍රථම අනුශූරතාවය - විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩබ්ලිව්.ජී.ආර්.එල්. සඳරුවන්

කාන්තා ආධුනික කාණ්ඩය

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ඉංජිනේරු සෙබල එම්.එම්. ප්‍රබෝධිනි

ප්‍රථම අනුශූරතාවය - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ඉංජිනේරු සෙබල ජේ.කේ.ආර්. සමන්තිකා

නිලධාරි පිරිමි විවෘත කාණ්ඩය

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කපිතන් එල්.ඊ.එස්. ලියනගමගේ

ප්‍රථම අනුශූරතාවය - විජයබාහු පාබල රෙජිමේන්තුවේ කපිතන් ජේ.ඒ. කරුණාතිලක යූඑස්පී

නිලධාරි කාන්තා විවෘත කාණ්ඩය

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ කපිතන් එච්.එම්. අබේරත්න

ප්‍රථම අනුශූරතාවය - කාන්තා කෙඩෙට් නිලධාරිනි එම්.ජී. අබේරත්න

පිරිමි විවෘත කාණ්ඩය

ප්‍රථම ස්ථානය - ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එස්.එන්. ඩැනියෙල්

ප්‍රථම අනුශූරතාවය - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.එස්.එල්.කේ. ඒකනායක

කාන්තා විවෘත කාණ්ඩය

ප්‍රථම ස්ථානය - කාන්තා කෙඩෙට් නිලධාරි එම්.ජී. අබේරත්න

ප්‍රථම අනුශූරතාවය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ කපිතන් එච්.එම්. අබේරත්න

අවුරුදු 35 ට වැඩි

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා පාබල හමුදාවේ සැරයන් ඩී.එම්.ආර්. දිසානායක

ප්‍රථම අනුශූරතාවය - ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් ආර්.යූ.එම්. රාජපක්‍ෂ

අවුරුදු 45 ට වැඩි

ප්‍රථම ස්ථානය - විජයබාහු පාබල රෙජිමේන්තුවේ කපිතන් ජේ.ඒ. කරුණාතිලක යූඑස්පී

ප්‍රථම අනුශූරතාවය - මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීසි පීඑස්සි

අවුරුදු 50 ට වැඩි

ප්‍රථම ස්ථානය - මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීසි

ප්‍රථම අනුශූරතාවය - ගජබා රෙජිමේන්තුවේ කපිතන් ඩබ්ලිව්.ඒ. සිල්වා

පිරිමි විවෘත කාණ්ඩය

ප්‍රථම ස්ථානය - ගජබා රෙජිමේන්තුව

ප්‍රථම අනුශූරතාවය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය

තෙවන ස්ථානය - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය

පිරිමි ආධුනික කාණ්ඩය

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

අනුශූරතාවය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය