Header

Sri Lanka Army

Defender of the Nation

11th August 2023 20:29:47 Hours

දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව අනුස්මරණ දිනය වෙනුවෙන් 24 පාබල සේනාංකය වෙතින් ආගමික වැඩසටහනක්

දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ 31 වන ගුණානුස්මරණ සැමරුම වෙනුවෙන් 24 පාබල සේනාංක මූලස්ථානය වෙතින් අගෝස්තු මස 08 දින අම්පාර ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේදී ආගමික වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම ගුණානුස්මරණ වැඩසටහනට සමගාමීව ධර්ම දේශනයක් පැවති අතර 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ සුරතින් මහා සංඝරත්නය වෙත සාම්ප්‍රදායික බුලත් හෙප්පුව පූජාකර ධර්ම දේශනාව පැවැත්වීම සඳහා ආරාධනා කරනු ලැබීය. යාපනය, ආරාලි තුඩුව ප්‍රදේශයේදී මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු වීරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් මෙම ධර්ම දේශනාව පැවැත්විණි.

මෙම පුණ්‍ය වැඩසටහන සඳහා 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ නිලධාරීන් සහ සෙසුනිලයින් 200 කට අධික පිරිසක් සහභාගී වූහ.