Header

Sri Lanka Army

Defender of the Nation

07th August 2023 20:49:51 Hours

යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනෙකුට ‘ජනජය සදන සමග්ඝ ශ්‍රී දේශබන්දු’ ගෞරව නාමය පිරිනැමේ

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී එන්ඩීයූ, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති (23 පාබල සේනාංකයේ හිටපු සේනාංකාධිපති) මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ගේ කැපවූ සේවාවන් ඇගයීමට ලක්කරමින් පසුගිය ඉරිදා (ජූලි මස 30) දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී දිඹුලාගල බෞද්ධ සංගමයෙන් ‘ජනජය සදන සමග්ඝ ශ්‍රී දේශබන්දු’ ගෞරව නාමය ප්‍රදානය කරනු ලැබීය.

නැගෙනහිර පළාත තුළ දේශප්‍රේමය, මහජන ආරක්‍ෂාව සහ සුබසාධනය යන ක්ෂේත්‍ර තුලින් පරාර්ථකාමී සේවයක නිරතවෙන ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට සහ සිවිල් ක්‍රියාකාරීන්ට වාර්ෂිකව මෙම ගෞරව නාමය පිරිනමනු ලබයි.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති පූජ්‍ය සිංහපුර චේතියලංකාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ තමන්කඩුව දෙපළාත සඳහා සංඝනායක හිමිපාණන්ගේ වැඩමවීමෙන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත මෙම ගෞරව නාමය ප්‍රදානය කරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා දුඹුලාගල ප්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේලා, ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර මාණ්ඩලික නිලධාරීන්, සංවිධායකයින් සහ තවත් ගිහියන් පිරිසක් සහභාගී වූහ.