Header

Sri Lanka Army

Defender of the Nation

02nd August 2023 22:00:09 Hours

ලෙබනනයේ 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ 3 වන කාර්තුවේ උපකරණ පරීක්ෂාව සිදු කරයි

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ (UNIFIL) නියෝජිත කණ්ඩායමක් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 01) දින 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම (SLFPC) ස්ථාපිත ලෙබනනයේ, නකෝරා හි ‘Sri Base’ කඳවුරු පරිශ්‍රයේදී වෙත ගොස් මෙම වසරේ 3 වන කාර්තුවේ උපකරණ පරීක්ෂාව (COE) සිදු කරන ලදී.

ශ්‍රී ලංකා බලධාරින් විසින් ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම වෙත ලබාදෙනු ලබන උපකරණවල ගුණාත්මකභාවය තක්සේරු කිරීම සහ ශ්‍රී ලංකා රජය සහ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමේ සඳහන් පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දක්වා ඇති අඛණ්ඩ කාර්ය සාධන ප්‍රමිතීන් සහතික කිරීමේ අරමුණින් මෙම ත්‍රෛමාසික පරීක්‍ෂණය පවත්වනු ලබයි.

පරීක්‍ෂණ කණ්ඩායම් ප්‍රධානී, මෝනා මෙනවියගේ (Miss Mona ) ප්‍රධානත්වයෙන් යුත් එම කණ්ඩායම ප්‍රධාන උපකරණ කාණ්ඩය යටතේ සපයන ලද උපකරණ කට්ටල, බහාලුම්, සංග්‍රාමික රථ, වාණිජමය ආධාරක රථ, හමුදාමය ආධාරක රථ, අවි ආයුධ, පතොරම්, සැපයුම් උපකරණ පරීක්ෂා කරන ලදී. එම පරීක්‍ෂණයන් සඳහා 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ලංකා කළුඅග්ගල සම්බන්ධ වූහ.

පරීක්‍ෂණය අවසානයේදී උපකරණ පරීක්‍ෂණ යෝග්‍යතා ලේඛණ පරීක්ෂක කණ්ඩායමේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ නියෝජිතයින් විසින් අත්සන් කරන ලදී. නිරීක්‍ෂණ කණ්ඩායම විසින් පරීක්‍ෂණ කටයුතු අවසන් වීමෙන් පසු මූලස්ථාන ශ්‍රවණාගාරය වෙත රැස්ව එම ක්‍රියාවලියේදී අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන ලදී.