Header

Sri Lanka Army

Defender of the Nation

02nd August 2023 22:08:54 Hours

1 බලකායේ බලකාධිපතිතුමන් තම බලප්‍රදේශයේ නිල සංචාරයක

1 බලකායේ සිව්වන බලකාධිපති වශයෙන් ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙල්ලන්කුලම්, ගුවන් සංග්‍රාමික බලසේනා මූලස්ථානය සහ පෙරියමඩු, 3 ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුර වෙත පසුගිය සදුදා (ජූලි මස 31) දින ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.

කඳවුරු පරිශ්‍රයන් වෙත සපැමිණි 1 බලකායේ බලකාධිපතිතුමන් එහිදී ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, අනතුරුව ගුවන් සංග්‍රාමික බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ 3 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීතුමන් එතුමන් වෙත එම බලසේනාවේ සහ ඒකකයේ වගකීම් සහ කාර්ය භාරය පිළිබඳව දැනුවත් කරන ලදී.

1 බලකා කඳවුරු සංචාරයේදී එතුමන් එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රය තුළ පැළයක් රෝපණය කල අතර, භටපිරිස් අමතා ඔවුන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගන්නා ලදී.

සංචාරයේ නිරත මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත ගුවන් සංග්‍රාමික බලසේනාවේ බලසේනාධිපති සහ 3 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී විසින් සමරු තිළිණ ප්‍රදානය කරන ලද අතර, කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.