Header

Sri Lanka Army

Defender of the Nation

02nd August 2023 22:13:33 Hours

එක්සත් ජාතීන්ගේ නිරීක්‍ෂණ කණ්ඩායම ශ්‍රී ලංකා යුධ හමුදාවේ 5 සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ උපකරණ පරීක්‍ෂාව සිදු කරයි

එක්සත් ජාතීන්ගේ නිරීක්‍ෂණ කණ්ඩායමේ සහභාගීත්වයෙන් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ රාජකාරි කරනු ලබන මෙරට යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ උපකරණ පරීක්‍ෂාව (COE) පසුගිය අඟහරුවාදා (ජූලි මස 25) දින ගාඕ හි ‘Super Camp’ පරිශ්‍රයේදී පැවැත්වූහ.

ත්‍රෛමාසිකව සිදුකරනු ලබන මෙම උපකරණ පරීක්‍ෂාව මගින් එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුව අදාල උපකරණවල යෝග්‍යතාවය තහවුරු කර ගැනීම සිදුකරනු ලබයි. එහිදී වාහන, ආයුධ, පතොරම්, වෛද්‍ය පහසුකම්, නවාතැන් පහසුකම්, සුභසාධන සේවා සැපයීම සහ අනෙකුත් සියලුම උපකරණ භාවිතයන් පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමේ සඳහන් පරිදි පරික්‍ෂණ කටයුතු සිදුකරයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 5 සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩය, 2023 ජූලි 01 දින සිට මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටියි.