Header

Sri Lanka Army

Defender of the Nation

31st July 2023 19:46:21 Hours

56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 17 ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ නිල සංචාරයක

17 ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකය පම්පේමඩු ප්‍රදේශයේ පිහිටි 56 පාබල සේනාංක බලප්‍රදේශයේ නැවත ස්ථාපනය කිරීමෙන් අනතුරුව එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජී පසුගිය බදාදා (ජූලි මස 12) දින එම ඒකකයේ නිල සංචාරයක නිරතවිය.

මීට ප්‍රථම, 17 ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකය මල්ලාවි ප්‍රදේශයේ ස්ථාපිත 65 වන සේනාංක බලප්‍රදේශයේ ස්ථාපිත කර තිබිණි.

මෙම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කළේය.

මෙම අවස්ථාව සඳහා 562 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජේ.එම්.ඒ. ජයසේකර ආර්එස්පී යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.