Header

Sri Lanka Army

Defender of the Nation

31st July 2023 19:50:00 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව සැලසුම් අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.එන්. හේමරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පසුගිය සිකුරාදා (ජුලි මස 28) දින පැවති කෙටි උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.

බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.එන්. හේමරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ බ්‍රිගේඩියර් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක ධුරයේ රාජකාරි භාරගත්තේය. මෙම ධූරයට පත්වීමට ප්‍රථම බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.එන්. හේමරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නියෝජ්‍ය සේනාවිධායක ධුරය හෙබවූවේය.

මෙම අවස්ථාව සඳහා සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.