Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2023 19:13:08 Hours

මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු හමුවෙයි

කොළඹ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් හසන් අමීර් (Colonel Hassan Amir) පසුගිය සඳුදා (24) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී හමුවූයේය.

සුහද හමුව සමාප්තියේ, මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකාය සඳහා වන පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු වැඩසටහන් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඇති හැකියාවන් සහ අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු කළේය. අනාගතයේදී, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු උපදේශකයින් ලබාදී එම කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණි.

කර්නල් හසන් අමීර් සහ මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී මෙම සුහද හමුවේදී දෙරටෙහි සන්නද්ධ හමුදාවන් අතර පවතින දිගුකාලීන සුහදත්වය, සහයෝගීතාවය සහ අවබෝධය පිළිබඳ සිහිපත් කළ අතර ඒකාබද්ධ පුහුණුවේ වැදගත්කම පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණි.

මෙම සුහද හමුවට ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (ක්ෂේත්‍ර) සහ 9 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් ද සහභාගී වූහ.