Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2023 18:44:34 Hours

21 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය සඳුදා (24) දින අනුරාධපුර, රණසේවපුර ප්‍රදේශයේ ස්ථාපිත 21 පාබල සේනාංක මූලස්ථානයේ දී ආගමික වතාවත් හා හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.

එම මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 21 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තැබීය. පසුව, නව සේනාංකාධිපතිතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරිමෙන් අනතුරුව සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.

හමුදා සම්ප්‍රදායානුකූලව සියලුම නිලධාරීන් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කළ නව සේනාංකාධිපතිතුමන් අනාගතයේදී එම සේනාංකයේ අභිවෘද්ධිය උදෙසා එතුමන් සතු දැක්ම පිළිබඳ පැහැදිළි කළේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා 21 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.