Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2023 20:35:26 Hours

6 ක්‍ෂේත්‍ර රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් පුරාණ විහාරස්ථානයක දුර්ලභ ඔසු උයනක් නිර්මාණය කරයි

වැටඅද්දර, ඥාණකන්ද ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 141 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 ක්‍ෂේත්‍ර රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් ඉකුත් ඉරිදා (ජූලි මස 23) දින එම විහාරස්ථානයේ අක්කර 06 ක පමණ භූමි ප්‍රදේශයක දුර්ලභ ඖෂධ පැළෑටි සහිත ඔසු උයනක් සකස්කර දෙන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයින් විහාරස්ථාන භූමියේ කොටසක දුර්ලභ ඖෂධ පැළෑටි සිටුවා, උද්‍යානය පිළිසකර කරන ලදී.

මේ සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර ගේ උපදෙස් මත 141 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 6 ක්ෂේත්‍ර රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී. භටපිරිස් විසින් නැවත පිළිසකර කරන ලද ඔසු උයන මෙම විහාරස්ථානයේ කලක සිට වල් බිහිවි භාවිතයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ තිබිණි.