Header

Sri Lanka Army

Defender of the Nation

26th July 2023 20:01:43 Hours

කල්තොට ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහයෝගය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 611 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 ගැමුණු හේවා බලකායේ සාමාජිකයන් වෙත ලද තොරතුරකට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් 2023 ජුලි මස 22 සෙනසුරාදා දින උදෑසන කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෝන්ගහමංකඩ ප්‍රදේශයේ පැවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ලැව්ගින්නක් මැඩපැවැත්වීමට කටයුතු කළහ.

මෙම ලැව්ගින්න පිළිබඳ කල්තොට ප්‍රාදේශීය ලේකම් දැනුවත් කිරීමෙන් අනතුරුව ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා යුද්ධ හමුදා භටපිරිස්හි සහයෝගය ඉල්ලා සිටියේය. ඒ අනුව, යුද්ධ හමුදා සාමාජිකයන් කඩිනමින් එම ස්ථානයට ගොස් පැය දෙකක් ඇතුළත ලැව්ගින්න මැඩපවත්වමින් එම ගින්න පැතිරීම පාලනය කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් ලබාදුන් උපදෙස් මත 611 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 8 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීතුමන් විසින් මෙම ව්‍යාපෘතිය නිරීක්‍ෂණය කරනු ලැබීය.