Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2023 21:01:27 Hours

512 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පෙර පාසල් ළමුන්ට පාසල් උපකරණ පරිත්‍යාග කෙරේ

යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයට අයත් 512 පාබල බලසේනා බලප්‍රෙද්ශයේ පිහිටි 17 ගැමුණු හේවා බලකායේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි මස 20) දින යාපනය, ගුරුනගර් බටහිර ප්‍රදේශයේ පිහිටි පෙර පාසලේ ඉගෙනුම ලබන ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන පවුල්වල දරු දැරියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 512 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.ජී.ජේ.එන්. ආරියතිලක ආර්එස්පී ගේ සුරතින් පෙර පාසල් ළමුන් 60 දෙනෙකු වෙත එම පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී.

512 පාබල බලසේනාවේ භටපිරිස් ප්‍රතිලාභි ප්‍රදේශවාසීන් සතු ආර්ථික දුෂ්කරතා පිළිබඳ දැනුවත් වීමෙන් අනතුරුව මෙම පාසල් උපකරණ මිලදී ගැනීමේ කටයුතු සඳහා අනුග්‍රාහක භවතෙකු සෙවීමේ කටයුතු සම්බන්ධීකරණය කරනු ලැබීය.

යුද්ධ හමුදා මුලපිරීම මත ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකු එක්ව ලබාදුන් අනුග්‍රාහකත්වය මත එම ළමුන් වෙනුවෙන් පොත්, පැන්සල්, පාට පැන්සල්, පැස්ටල් ආදී උපකරණ මිලදී ගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 17 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.