Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2023 18:37:07 Hours

ප්‍රධාන සංඥා නිලධාරි කඳවුරු සංචාරයක නිරතවෙයි

යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ 2023 ජූලි මස 15 දින 1 ශ්‍රී ලංකා සංඥා බලකායේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.

ඒකක මූලස්ථානය වෙත සපැමිණි බලකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 1 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී මේජර් ජී.ටී.කේ. ද සිල්වා ආර්එස්පී යූඑස්පී එල්එස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ ප්‍රධාන සංඥා නිලධාරී රාජකාරි කටයුතුවලදී වෘත්තීයමය වශයෙන් කටයුතු කිරීමේ වැදගත්කම සහ රටේ වත්මන් තත්ත්වයට අනුගත වීම පිළිබඳ දැනුවත් කළේය. තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගි වූ එතුමන් නැවත කඳවුරු පරිශ්‍රයේ සංචාරයක ද නිරත විය.

ඒකක අණදෙන නිලධාරීතුමන් එම ඒකකයේ සන්නිවේදන තත්ත්වය, පොදු, පරිපාලන සහ භඨකාර්ය සම්පාදන කටයුතු පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ද ඉදිරිපත් කරන ලදී.

සංචාරය සමාප්තියේ මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ එම ඒකකයේ නිලධාරී නිවස්නයේදී නිලධාරීන් සමඟ සුහද අදහස් හුවමාරුවක නිරත වීමෙන් අනතුරුව විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.