Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2023 19:00:27 Hours

‘අමා දොර විවර විය’ වැඩසටහන යටතේ තවත් එක් ධර්ම දේශනාවක් 22 පාබල සේනාංක මූලස්ථානයේදී පැවැත්වේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයේ භටපිරිස් පසුගිය සඳුදා (ජූලි මස 17) දින ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේදී පූජ්‍ය බලංගොඩ රාධ හිමිපාණන් විසින් ‘අමා දොර විවර විය’ තේමාව යටතේ දේශනා කරනු ලැබූ ධර්ම දේශනාවකට සහභාගී වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත පවත්වනු ලබන ආධ්‍යාත්මික වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ගේ අධීක්‍ෂණය යටතේ මෙම ධර්ම දේශනාව පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ පොලිස් නිලධාරින් 700 කට අධික පිරිසක් සහභාගී වූහ. නැගෙනහිර නාවික විධානයේ ආඥාපති සහ නියෝජ්‍ය ආඥාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේනාංකාධිපතිවරු, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.