Header

Sri Lanka Army

Defender of the Nation

23rd July 2023 16:35:25 Hours

ධූරයෙන් නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත 21 පාබල සේනාංකයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරාවාචර පුදකිරීමේ උත්සවයක් ජුලි මස 18 දින අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.

සේනාංක මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී ධූරයෙන් නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ. මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ බලසේනාධිපතිවරුන් සහ මාණ්ඩලික නිලධාරින් ඉදිරියේදී සංකේතාත්මකව ධූරයේ රාජකාරි කටයුතු භාරදීමෙන් අනතුරුව සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනීසිටියේය.

භටපිරිස් ආමන්ත්‍රණය කළ නික්ම යන 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සිය බලප්‍රදේශයේ රාජකාරි කටයුතු සිදුකිරීම සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් සියලුම නිලයන් වෙත සිය කෘතඥතාව පුදකළේය.

හමුදා සම්ප්‍රදායානුකූලව පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව 211 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත ඇගයීමේ සංකේතයක් ලෙස සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

ධුරයෙන් නික්ම යන සේනාංකාධිපතිතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිතව ඇත.