Header

Sri Lanka Army

Defender of the Nation

23rd July 2023 16:47:51 Hours

අම්පාර සටන් පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

අම්පාර සටන් පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි මස 20) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම පුහුණු පාසලේ අණදෙන නිලධාරි කර්නල් එම්.කේ.ඒ.ඩී. චන්ද්‍රමාල් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබූ බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී මෙම අවස්ථාව සනිටුහන් කරමින් පුහුණු පාසල් පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

මෙම ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ඉඩම් දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි කටයුතු හෙබවූවේය. මෙම ධූරය හෙබවූ බ්‍රිගේඩියර් ආර්.පී. මුනිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 1 බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ධූරයට පත්කෙරිණි.