Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2023 21:11:10 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - උතුර ආඥාපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බ්‍රිගේඩියර් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී ඒඒටීඔි එල්එස්සී, ඉදිරි නඩත්තු පෙදෙස - උතුර ආඥාපති ලෙස ඉකුත් අඟහරුවාදා (4) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානූකූලව පැවැති උත්සවයකදී ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

ඉදිරි නඩත්තු පෙදෙස - උතුර කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී ඒඒටීඔි එල්එස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී. අනතුරුව මාණ්ඩලික නිලධාරීන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

බ්‍රිගේඩියර් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී ඒඒටීඔි එල්එස්සී ඉදිරි නඩත්තු පෙදෙස උතුර - ආඥාපති ධූරයේ රාජකාරි භාරගැනිම සනිටූහන් කරමින් සංකේතාතමක නිල ලේඛණයකට අත්සන් තැබීය.

නිලධාරීන් සහ සෙුනිලයන් ඇමතු ඉදිරි නඩත්තු පෙදෙස උතුර - ආඥාපති බ්‍රිගේඩියර් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී ඒඒටීඔි එල්එස්සී එතුමන්ගේ ඉදිරි දැක්ම පිළිබද ඔවුන් දැනුවත් කළේය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් එක්ව සිටියහ.