Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2023 19:20:00 Hours

ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන් යාන්ත්‍රික ඉංජිනේරු බළසේනාවේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී පසුගිය අඟහරුවාදා (ජුනි මස 27) දින කන්තලේ පිහිටි යාන්ත්‍රික ඉංජිනේරු බළසේනාව වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූ අතර, අනතුරුව යාන්ත්‍රික ඉංජිනේරු බළසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.එස්.කේ ජයසිංහ ආර්එස්පී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපනය කල අතර, සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටීමෙන් අනතුරුව සියලු භටපිරිස් ඇමතුවේය.

මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වූ අතර, එහිදි භටපිරිස් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගන්නා ලදී. කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර එතුමන්, විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක්ද සහභාගි වූහ.