Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2023 19:19:03 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එස්.කේ මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී වෙත සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන කොළඹ යුද්ධ හමුදා රෝහලේ විකිරණ රශ්මි විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරල් එස්.කේ මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සදුදා (ජූනි 26) දින වේරහැර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

යුද්ධ හමුදා වෛද්‍ය බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එස්.කේ මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී.

එම රෙජිමේන්තු සරඹ භූමීයේදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකරන ලදී. පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තුවේ සියලු නිලයන්ගේ සහභාගීත්වයෙන් පැවැති තේපැන් සංග්‍රහය සඳහා එතුමන් සහභාගී විය.

එතුමන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා නිලධාරි නිවස්නයේදී රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්විය. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී ඇතුලු එම රෙජිමේන්තුවේ නිලධාරීන් සහභාගි වූහ. මේජර් ජෙනරල් එස්.එච් මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී රැගත් රථ පෙළපාලිය මූලස්ථාන සංකීර්ණයේ මාර්ගයේ නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ ‘ජය ශ්‍රී’ හඬ මධ්‍යයේ කඳවුරෙන් නික්ම යන ලදි.

උත්සව අවස්ථාවේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු අධිපති විසින් මේජර් ජෙනරල් එස්.කේ මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.