Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2023 19:25:17 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, 64 පාබල සේනාංකයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය සිකුරාදා (ජුනි මස 30) දින ඔඩ්ඩුසුඩාන්හි පිහිටි 64 පාබල සේනාංකය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, අනතුරුව භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

එහිදී 64 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ වගකීම් සහ කාර්යභාරය පිළිබඳව එතුමන් දැනුවත් කරනු ලැබීය. අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටියහ.

කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර එතුමන්, විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

64 පාබල සේනාංකයේ නිල සංචාරයෙන් පසුව එතුමන් 641, 643 පාබල බලසේනාංකයන්හි සහ වසන්තිපුරම්, මන්නන්කන්දල් ප්‍රදේශයන්හි ස්ථාපිත ඒකකයන්හි ද නිල නිල සංචාරයක නිරත විය.