Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2023 19:43:33 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් ජනාධිපති මන්ධිරයේ ආරක්‍ෂක රාජකාරි භාරගනී

ජනාධිපති මන්ධිරයේ රාජකාරි කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රාජකාරි කාල සීමාව අවසන් වීමෙන් අනතුරුව 2023 ජූලි මස 01 දින සිට මාස 06ක කාලසීමාවක් සඳහා ජනාධිපති මන්දිරයේ ආරක්‍ෂක රාජකාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් නිල වශයෙන් භාර ගන්නා ලදී.

මෙම සම්ප්‍රදායික රාජකාරිය භාරදීම්/භාරගැනීම සකේතාත්මක ලෙස නිල ලේඛණයකට අත්සන් තබමින් සිදු කරන ලද අතර, එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භටපිරිස් සුභ පැතුම් එක්කර ගන්නා ලදී.