Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2023 19:35:42 Hours

64 පාබල සේනාංක බලප්‍රදේශයේ සිවිල් ක්‍රිඩා සමාජ සහභාගීත්වයෙන් වොලිබෝල් තරඟාවලියක් පවත්වයි

තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී විය.

තරඟාවලිය සඳහා ප්‍රදේශයේ වොලිබෝල් ක්‍රීඩා සමාජ 08 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහභාගී වූ අතර, අවසන් මහා තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගන්නා ලදී. එහිදී ඔඩ්ඩුසුඩාන් ඊශ්වරන් වොලිබෝල් ක්‍රීඩා සමාජය ශූරතාවයද මුතියන්කඩ්ඩුකුලම් වොලිබෝල් ක්‍රීඩා සමාජය අනුශූරතාවද හිමිකර ගන්නා ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් වොලිබෝල් තරඟාවලියේ ජයග්‍රාහකයින්, අනුශූරයන් සහ සියලුම ක්‍රීඩකයින් වෙත කුසලාන, මුදල් ත්‍යාග සහ සහතිකපත් පිරිනැමූහ.