Header

Sri Lanka Army

Defender of the Nation

02nd July 2023 21:30:41 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් දියතලාව ප්‍රදේශයේ ‘යෝගට්’ නිෂ්පාදන මධ්‍යස්ථානක් ආරම්භ කරයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් සඳහා දැනට ක්‍රියාත්මක කරනු ලබන යෝගට් නිෂ්පාදනය කිරීමේ ව්‍යපෘතීන් තව දුරටත් පුළුල් කිරීමේ අරමුණින් දියතලාව, 8 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකා කඳවුරු පරිශ්‍රයේ ඉදිකරන ලද ‘යෝගට්’ නිෂ්පාදන මධ්‍යස්ථානය පසුගිය ඉරිදා (ජූලි 02) දින විවෘත කරන ලදී.

යුද්ධ හමුදා සේවා බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි වාසනා වනිගසේකර මහත්මිය විසින් එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ජානකී ලියනගේ මහත්මිය ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, අනතුරුව එතුමිය සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා නව යෝගට් නිෂ්පාදන මධ්‍යස්ථානය විවෘත කළාය.

පැමිණි ආරාධිත අමුත්තන් විසින් පළමුව සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වූ අතර, අනතුරුව ජානකී ලියනගේ මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සමගින් නව ‘යෝගට්’ නිෂ්පාදන මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කලහ. මෙමගින් නිශ්පාදනය කරනු ලබන යෝගට් භටපිරිස්හි පරිභෝජනය සඳහාද අතිරික්ත තොගය වෙළද පොල සඳහා ලබාදීමට ද අපේක්‍ෂිතය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදා සේවා බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළාය.

ව්‍යපෘතිය මගින් භටපිරිස්හි දිනකට අවශ්‍ය යෝගට් ප්‍රමාණය මෙම යෝගට් නිෂ්පාදන ආයතනය මගින් නිශ්පාදනය කිරීමට හැකි අතර, අතිරික්තය වෙළෙඳපොළට සැපයීමට ද හැකියාව උදාවේ. එමගින් ලැබෙන ලාභාංශය භටපිරිස්වල සුබසාධන කටයුතු සඳහා යොදා ගැනේ.

උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්.ජේ.බී වනිගසේකර යූඑස්පී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.