Header

Sri Lanka Army

Defender of the Nation

03rd July 2023 21:43:54 Hours

නික්මයන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම වෙත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම ගෞරවාචාරය

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, ධූරයෙන් නික්මයන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි මස 29) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ සරඹ භූමියේදී සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

අනතුරුව එතුමන් සියලු නිලයන් අමතමින් තම ධූර කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතවේදීත්වය පුද කළ අතර, සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී වූයේය.

එතුමන්ගේ සේවය ඇගයීමට ලක්කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.

උත්සව අවස්ථාවට 11 සහ 12 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.