Header

Sri Lanka Army

Defender of the Nation

02nd July 2023 21:39:41 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, 68 පාබල සේනාංකය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදුකරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය බදාදා (ජුනි මස 28) දින භටපිරිස් ඇමතීම සඳහා පුදුකුඩිඉරිප්පුහි පිහිටි 68 පාබල සේනාංකය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරව පිරිනමන ලදී. අනතුරුව, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

එම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටි අතර, එහිදී 68 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් එතුමන් වෙත එම සේනාංකයේ වගකීම් සහ කාර්යයන් පිළිබඳව දැනුවත් කරනු ලැබීය. අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී වෙමින් භටපිරිස් සමඟින් සුහඳව අදහස් හුවමාරු කර ගත්තේය.

කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර එතුමන්, විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය. එදින පැවති උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් එක්ව සිටියහ.