Header

Sri Lanka Army

Defender of the Nation

29th June 2023 21:23:52 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ඒකක අණදෙන නිලධාරීන් අමතයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක වශයෙන් ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පසුගිය අඟහරුවාදා (27) දින කොස්ගම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී ස්වේච්ඡා ඒකකයන්හි අණදෙන නිලධාරීන් සමඟ සම්බන්ධීකරණ සාකච්ඡාවක් පවත්වන ලදී.

සාකච්ඡාවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් විසින් ජයග්‍රාහී හමුදාවක වෘත්තීයභාවය, විශ්වසනීයත්වය සහ ගෞරවය ආරක්‍ෂා කරගැනීමේ වැදගත්කම පිළිබඳව ඒකක අණදෙන නිලධාරීන් දැනුවත් කරන ලදී. තවද, යුද්ධ හමුදා සාමාජිකයින් නිවාඩු නොමැතිව නොපැමිණීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, අනතුරු සිදුවීම්, ලිංගික අපචාර ක්‍රියාවන්, සියදිවි නසාගැනීම්, භඨකාර්ය සම්පාදන සහ පරිපාලන පහසුකම්, සමාජ මාධ්‍ය භාවිතයෙන් ආරක්‍ෂාව කෙරෙහි ඇති බලපෑම සහ නිලධාරීන් සහ සෙසු නිලයන් විසින් ඒවා භාවිතා කිරීම යනාදී කරුණු පිළිබඳව දැනුවත් කරනු ලැබීය.

සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී ද සහභාගී වූ අතර, එහිදී එම කරුණු සම්බන්ධව අවශ්‍ය ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීමේ හැකියාව පිළිබඳව අදහස් දක්වන ලදී. එම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර නියෝජනය කරමින් ඒකක අණදෙන නිළධාරීන් සහභාගී වූ අතර, සෙසු ස්වේච්ඡා බලඇණිවල අණදෙන නිලධාරීන් මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ එම වැඩසටහන සඳහා සම්බන්ධ විය.