Header

Sri Lanka Army

Defender of the Nation

28th June 2023 22:41:33 Hours

වන්නි භටපිරිස් සම්බන්ධීකරණයෙන් ප්‍රදේශයේ පවුලක් වන නව නිවසක්

ඔස්ට්‍රියාවේ ජීවත්වන දානපතියන් විසින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත වන්නි ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් සිවිල්-හමුදා සහයෝගීතා ව්‍යාපෘතියෙහි තවත් අධියරක් වශයෙන් කැකිරාව, සූරියගම, මහ ඇලගමුව ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් වෙත නව නිවසක් ඉදිකර දීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර දෙනු ලැබීය.

ආර්.එම් ජීවන්ත ප්‍රසාද් රත්නායක මහතා වයස අවුරුදු 1, 5 සහ 9 යන වයස්වල දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන අතර, නිවසක් නොමැති ඔහුගේ ජීවන තත්ත්වය පිළිබඳව යුද්ධ හමුදා භටපිරිස් දැනුවත් කිරීමෙන් අනතුරුව පසුගිය බ්‍රහස්පතින්දා (22) දින නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදී.

ඔස්ට්‍රියාවේ පදිංචි දානපති ක්‍රිටා පීරිස් මෙනවිය සහ නිහාල් හරිශ්චන්ද්‍ර මහතා විසින් මූල්‍යමය ආධාර ලබාදීමට එකඟ වීමෙන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නිගේ උපදෙස් මත 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ 212 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් නව නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලබයි.

7(සෙව්) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භටපිරිස් හි ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම යොදා ගනිමින් සති කිහිපයක් ඇතුලත නව නිවස ඉදිකිරීමට අපේක්‍ෂා කරනු ලැබේ.

පැවති කෙටි උත්සවය අතරතුරදී 212 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.එම්.සී රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, යුද්ධ හමුදා නිලධාරීන්, සෙසුනිලයින් සහ ප්‍රතිලාභීන් විසින් සුභ මොහොතින් නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදී.