Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2023 21:54:59 Hours

යුද්ධ හමුදා කාන්තා සාමාජිකාවන් වෙනුවෙන් පැවති සාමසාධක මෙහෙයුම් පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත් කිරීමට නියමිත සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් පුහුණු කරවීමේ පෙරපුහුණු පාඨමාලා අදියර බී - I (කාන්තා) දින 14 ක පුහුණු කාලසීමාවකින් අනතුරුව පසුගිය අඟහරුවාදා (27) දින ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතන පරිශ්‍රයේදී සමාප්ත විය.

ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය නියෝජනය කරමින් නිලධාරීනියන් 04 දෙනෙක් සහ සෙසුනිලයින් 35 දෙනෙකු ඇතුලු යුද්ධ හමුදා සාමාජිකාවන් 39 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගී වූහ.

එක්සත් ජාතීන්ගේ තක්සේරු සහ උපදේශන කණ්ඩායම සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය වෙත සිදුකළ සංචාරයේ දී ඔවුන් ඉදිරිපත්කළ පුහුණු මොඩියුල සඳහා සහභාගී වන කාන්තා සාම සාධක භටපිරිස් ප්‍රමාණය ඉහල නැංවීමට යෝජනා කළේය.

පාඨමාලාවේදී, මානුෂීය ආධාර සඳහා ආරක්‍ෂාව සැපයීමේ ප්‍රායෝගික හා න්‍යායාත්මක අංගයන්, මාලි රාජ්‍යය පිළිබඳ කෙටි දැනුවත් කිරීමක්, සිවිල් වැසියන් ස්ථාවර කිරීම සහ ආරක්‍ෂා කිරීම, ආරක්‍ෂක අංශය නැවත ගොඩනැගීම, මානව හිමිකම් ප්‍රවර්ධනය, ආරක්‍ෂා කිරීම සහ තමන් සතු යුතුකම් සහ වගකීම් වැනි කරුණූ පිළිබඳ ව සාකඡ්චා කරණු ලැබීය.

ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී විසින් සමාප්ති දේශනය පැවැත්වීමෙන් අනතුරුව පාඨමාලාව සඳහා සහභාගී වූවන් වෙත සහතිකපත්‍ ප්‍රදානය කරනු ලැබීය.