Header

Sri Lanka Army

Defender of the Nation

26th June 2023 21:01:58 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, සෝමාවතිය පූජා භූමියේ සංචාරයක නිරත වෙමින් පුද පූජාවන්ට සහභාගී වෙයි

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී පසුගිය ජුනි මස 22 වන දින පූජනීය සෝමාවතිය විහාරස්ථානය වැඳපුදා ගැනීම සඳහා එහි සංචාරයක නිරත විය. සෝමාවතිය විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් හමුවූ එතුමන් උන්වහන්සේ සමඟ සුහද පිළිසඳරක ද නිරත විය. පසුව එම අවස්ථාවට සහභාගී වු ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ඇතුළු නිලධාරීන් ආගමික වතාවත් සඳහා ද සහභාගි වූහ.

මෙම සංචාරය සඳහා 233 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ද එක්ව සිටියහ.