Header

Sri Lanka Army

Defender of the Nation

26th June 2023 21:08:04 Hours

මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ පිහිනුම් තරඟයේදී දස්කම් දක්වයි

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL), මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම (SLFPC), විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘විවෘත පිහිනුම් තරඟය’ 2023 මැයි 25 සහ 26 යන දෙදින තුළ ලෙබනනයේ නැකෝරා හි එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේදී පවත්වන ලදී. තරගාවලිය සඳහා සහභාගී වූ ඉන්දුනීසියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, අයර්ලන්ත-පෝලන්ත බලඇණිය, ප්‍රංශය (Force Commander Reserve - FCR), ස්පාඤ්ඤය, චීනය, ඝානාව, මැලේසියාව, මැසිඩෝනියාව, ස්ලෝවේනියාව, ඉතාලිය, මූලස්ථාන බලකා ආරක්‍ෂණ ඒකකය සහ බටහිර කලාපය නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩකයින් විශාල පිරිසක් තරඟ වැදුණි.

තරගාවලියේ අවසන් දින ත්‍යාග ප්‍රධාන උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජෙනරාල් චොක් බහදූර් ධකල් (Brigadier General Chok Bahadur Dhakal) සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ නිලධාරි අණදෙන ලුතිනන් කර්නල් ඩී.පී.එල්.ටී කළුඅග්ගල ආර්එස්පී යූඑස්පී සහභාගී විය. සමස්ත ශූරතාව ප්‍රංශය (Force Commander Reserve group) විසින් හිමිකරගත් අතර ලෙබනනයේ මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ (SLFPC) ස්පාඤ්ඤය සහ ශ්‍රී ලංකාව සම අනුශූරයන් බවට පත්විය.

ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ ජයග්‍රහන පහත පරිදි වේ:

මීටර් 40 ලයආර (කාන්තා) - පළමු ස්ථානය - සැරයන් කේ.ඊ.එන් විමලසූරිය

මීටර් 40 ලයආර (කාන්තා) - 3 වන ස්ථානය - මාණ්ඩලික සැරයන් පී.ඩී.සී ගයන්ති

මීටර් 40 පසුපසආර (කාන්තා) - 3 වන ස්ථානය - මාණ්ඩලික සැරයන් පී.ඩී.සී ගයන්ති

මීටර් 4 X 40 මිශ්‍ර සහය පිහිනුම් තරඟයේ - 3 වන ස්ථානය - ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා කණ්ඩායම

සැරයන් ඩී.එස් ජයසේකර

කෝප්‍රල් කේ.ජී නුවන් සංජීව

කෝප්‍රල් ආර්.ජී.එන්.එස් ප්‍රසන්න කුමාර

කෝප්‍රල් යූ.ජී.කේ.ආර් ප්‍රේමසිරි