Header

Sri Lanka Army

Defender of the Nation

26th June 2023 21:56:31 Hours

යුද්ධ හමුදා භටපිරිස් ප්‍රජා මූලික ඩෙංගු මර්දන වැඩසටහනකට සිය දායකත්වය ලබාදෙයි

14 පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ඉකුත් සෙනසුරාදා (24) දින ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් කැලණිමුල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාශය සහ මුල්ලේරියාව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ඇතිව සංවිධානය කරන ලද ඩෙංගු මර්දන වැඩසටහනක් සඳහා සිය සහය ලබා දෙන ලදී.

මෙම ව්‍යාපෘතියේ දී නිවාස 90 කට අධික සංඛ්‍යාවක් සහභාගිවන්නන් විසින් පරීක්ෂාවට ලක් කරන ලද අතර අවට ප්‍රදේශවල ඩෙංගු වසංගතය පැතිරීම වළක්වා ගත හැකි ආකාරය පිළිබඳව අවශ්‍ය මාර්ගෝපදේශ නිවැසියන්ට ලබා දෙන ලදී. එහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන, මදුරුවන් රැඳෙන ස්ථානවල ජලය ඉවත් කිරීම, ජලය ගබඩා කරන බහාලුම් පිරිසිදු කිරීම, අවට පරිසරය පිරිසුදුව තබා ගැනීමේ වැදගත්කම යනාදී කරුණු පිළිබඳව සිවිල් වැසියන් දැනුවත් කරන ලදී. ආරක්ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් පරිදි 144 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල බළඇණියේ අණදෙන නිළධාරී විසින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන අධික්‍ෂණය කරන ලදී.