Header

Sri Lanka Army

Defender of the Nation

26th June 2023 21:40:32 Hours

8 ගජබා රෙජිමේන්තුවේ 22 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

මාතලේ, උකුවෙල ප්‍රෙද්ශයේ ස්ථාපිත 8 ගජබා රෙජිමේන්තුවේ 22 වන සංවත්සර දිනය සනිටුහන් පසුගිය අඟහරුවාදා (20) දින එම ඒකකයේ භටපිරිස් ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් සංවත්සර සැමරුම් උත්සවයක් පැවැත්වීය. සංවත්සර දිනයට පෙර මාතලේ අනුරුදු අරණ විහාරස්ථානය, ශ්‍රී මුත්තුමාරි අම්මාන් හින්දු කෝවිල සහ මාතලේ ශාන්ත තෝමස් දේවස්ථානයේදී ආගමික වතාවත් පැවැත්විණි.

සංවත්සර දිනය යෙදුනු අඟහරුවාදා (20) දින ඒකක මූලස්ථානය වෙත සපැමිණි 8 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් වයි.එස්.එච්.එන්.පී. සිල්වා යූඑස්පී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. ඉන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ අණදෙන නිලධාරිතුමන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වූයේය. 2001 ජුනි මස 20 දින ස්ථාපිත කළ 8 ගජබා රෙජිමේන්තුව ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම සඳහා සක්‍රීයව දායක වූ පාබල ඒකකයකි. සාමය සඳහා වූ මානුෂීය මෙහෙයුමේදී මාතෘභූමියේ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම උදෙසා මෙම ඒකකයේ නිලධාරීන් 3 දෙනෙක් සහ සෙසුනිලයන් 122 දෙනෙක් සිය ජීවිත පූජාකර තිබේ. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2006 ජනවාරි මස 1 දින සිට 2008 ජූනි මස 23 දින දක්වා මෙම ඒකකයේ 7 වන අණදෙන නිලධාරියා ලෙස සේවය කර ඇත.